Headlines

    උතුරේ ජල ගැටලුවට යාපනයට ගංගාවක්

    ර්ඝ කාලයක් පුරා පවතින උතුරේ ජල ගැටලුවට ස්ථීර විසඳුමක් ලබාදීම සඳහා “යාපනයට ගංගාවක්” ව්‍යාපෘතිය කඩිනමින් ආරම්භ කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

    “යාපනය – කිලිනොච්චි” ජල සම්පාදන ව්‍යාපෘතියේ තාලෛයාඩි මුහුදු ජල නිර්ලවණකරන පවිත්‍රාගාරය විවෘත කිරීමේ අවස්ථාවට අද (02) පෙරවරුවේ එක් වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය.

    යාපනය – කිලිනොච්චි ජල සම්පාදන ව්‍යාපෘතියේ තාලෛයාඩි මුහුදු ජල නිර්ලවණකරන පවිත්‍රාගාරය ආසියානු සංවර්ධන බැංකුවේ හා ශ්‍රී ලංකා රජයේ මූල්‍ය ප්‍රතිපාදන මත ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශයේ ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය මඟින් ක්‍රියාත්මක කෙරේ.

    මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ වනුයේ උතුරු පළාතේ යාපනය සහ කිලිනොච්චි දිස්ත්‍රික්කවල පුද්ගලයන් 300,000කට පිරිසිදු පානීය ජලය සැපයීම සහ 80,000ක ජනතාවක් සඳහා සනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණු කිරීමය.

    මෙහිදී මුහුදු ජලයේ ලවණ ඉවත් කිරීම සඳහා වන කම්හල ඉදිකිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව මඟින් 2017 වසරේදී ගිවිසුමකට එළැඹෙන ලද අතර මේ වන විට උස් ජල ටැංකි විස්සක් ඉදිකිරීම, සම්ප්‍රේෂණ නළ මාර්ග කිලෝමීටර 186ක් සැපයීම හා එළීම මෙන්ම බෙදා හැරීමේ නල මාර්ග කිලෝමීටර් 382ක් සම්පූර්ණ කර ඇත.

    ව්‍යාපෘතියේ සම්පූර්ණ වියදම අමෙරිකානු ඩොලර් මිලියන 266ක් වන අතර යාපනය-කිලිනොච්චි ජල සම්පාදන හා සනීපාරක්ෂක ව්‍යාපෘතිය 2025 මැද භාගය වන විට අවසන් කිරීමට අපේක්ෂා කෙරේ.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *