එළඹෙන සඳුදා (08) සිට මාස 3කට මිල අඩු කළ අත්‍යාවශ්‍ය භාණ්ඩ 27ක් සතොස හා සමූපකාර හරහා පාරිභෝගිකයින්ට ලබා ගත හැකි බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
මෙම භාණ්ඩ මිල අඩු කිරීම පිළබඳ ඊයේ (05)වෙළඳ අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේය. ඒ අනුව සදුදා සිට මිල අඩුවන භාණ්ඩ නම්,
| භාණ්ඩය | තිබූ මිල | නව මිල |
| රතු කැකුළු 1Kg | රුපියල් 106 | රුපියල් 93 |
| සුදු කැකුළු 1Kg | රුපියල් 105 | රුපියල් 93 |
| සුදු නාඩු 1Kg | රුපියල් 109 | රුපියල් 96 |
| සම්බා 1Kg | රුපියල් 120 | රුපියල් 99 |
| කීරි සම්බා 1Kg | රුපියල් 140 | රුපියල් 125 |
| තිරිඟු පිටි | රුපියල් 105 | රුපියල් 84 |
| සුදු සීනි 1Kg | රුපියල් 110 | රුපියල් 99 |
| දුඹුරු සීනි 1Kg | රුපියල් 140 | රුපියල් 125 |
| තේ කොළ 100g | රුපියල් 130 | රුපියල් 95 |
| රතු පරිප්පු (Australia) 1kg | රුපියල් 188 | රුපියල් 165 |
| ලොකු ළූණු ඉන්දියන් 1kg | රුපියල් 140 | රුපියල් 120 |
| අර්තාපල් දේශීය 1kg | රුපියල් (216 – 220) | රුපියල් 180 |
| අර්තාපල් (Pakistan) 1kg | රුපියල් 190 | රුපියල් 140 |
| කඩළ 1kg | රුපියල් 225 | රුපියල් 175 |
| වියළි මිරිස් 1kg | රුපියල් 550 | රුපියල් 495 |
| ටින් මාලු දේශීය 425g | රුපියල් 240 | රුපියල් 220 |
| ටින් මාලු ආනයනික 425g | රුපියල් 280 | රුපියල් 265 |
| හාල්මැස්සන් තායි 1kg | රුපියල් 700 | රුපියල් 545 |
| කුකුල් මස් සම සහිත 1Kg | රුපියල් 430 | රුපියල් 400 |
| ලුණුකැට 1kg | රුපියල් 55 | රුපියල් 43 |
| කිරි පිටි 400g | රුපියල් 380 | රුපියල් 355 |
| සෝයා තෙල් 500ml | රුපියල් 470 | රුපියල් 310 |
| රෙදි සෝදන සබන් (BCC) 115g | රුපියල් 53 | රුපියල් 43 |
| රෙදි සෝදන සබන් 650g | රුපියල් 325 | රුපියල් 260 |
| සුවඳ සබන් 100g | රුපියල් 63 | රුපියල් 56 |
| දෑත් සෝදන දියර 100ml | රුපියල් 350 | රුපියල් 250 |
| මුඛ ආවරණ (SLS සහතික ලත්) | රුපියල් 25 | රුපියල් 14 |




