Headlines

    ඡන්ද මධ්‍යස්ථාන සකස් කිරීම අර්බුදයක

    ඡන්ද මධ්‍යස්ථානයක් සකස් කිරීමේදී ඊට අවශ්‍ය සේවකයින් සහ පහසුකම් සපයාගැනීම ගැටලුවක් වී ඇති බව සමස්ත ලංකා නිදහස් ග්‍රාම සේවා නිලධාරීන්ගේ සංගමය පවසයි.

    එම සංගමයේ ප්‍රධාන ලේකම් එම්. කේ. ජී. ජගත් චන්ද්‍රලාල් මහතා සඳහන් කළේ මීට පෙර පැවති ඡන්ද විමසීමට වඩා මෙවර සේවකයකුට ලබාදිය යුතු දෛනික දීමනාව තුන්ගුණයකින් පමණ ඉහළ ගොස් ඇති බවය.

    ඡන්ද මධ්‍යස්ථානයක් සකස්කිරීමට අවශ්‍ය පරිදි ප්‍රමාණවත් දීමනාවක් ලබාදීමට කටයුතු කළ යුතු බව සමස්ත ලංකා නිදහස් ග්‍රාම සේවා නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් එම්. කේ. ජී. ජගත් චන්ද්‍රලාල් මහතා තවදුරටත් පැවසීය.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *