Headlines

    අමෙරිකානු නෞකාවක් හදිසියේ කොළඹ වරායට

    අමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් නෞකාවක් කොළඹ වරායට පැමිණ තිබේ.

    යු.එස්.එස් ස්ප්‍රොන්ස් නම් නෞකාව අද (19) පෙරවරුවේ කොළඹ වරායට පැමිණි බව නාවික හමුදාව පැවසුවේය.

    සැපයුම් සහ සේවා අවශ්‍යතා සපුරා ගැනීමේ සංචාරයක් සඳහා එම නෞකාව මෙරටට පැමිණ ඇති බව සඳහන්ය.

    නෞකාව දිගින් මීටර් 160ක් පමණ වන අතර නැව් මුළුව 338 දෙනෙකුගෙක් සමත්විත වන බව නාවික හමුදාව පැවසුවේය.

    සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීමෙන් පසු නෞකාව හෙට (20) දිවයිනෙන් පිටත් වීමට නියමිතය.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *