එළැඹෙන ජනාධිපතිවරණයේදී සර්වජන අපේක්ෂක දිලිත් ජයවීර මහතාට සහාය ලබාදෙමින් සර්වජන බලය හා එක්වීමට ශ්‍රී ලංකා ජනතා ජාතික පක්ෂය තීරණය කර තිබේ.
ඊට අදාළ ගිවිසුමට අද කොළඹදී අත්සන් තැබුණි.
ශ්‍රී ලංකා ජනතා ජාතික පක්ෂය සහ සර්වජන බලය අතර අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම අද (19) බොරැල්ලේ පිහිටි මව්බිම ජනතා පක්ෂ ප්‍රධාන කාර්යාලයේදී සිදුකෙරුණි.
සර්වජන බලය වෙනුවෙන් ජනාධිපතිධුර අපේක්ෂක දිලිත් ජයවීර සහ ශ්‍රී ලංකා ජනතා ජාතික පක්ෂය වෙනුවෙන් එහි නායක නාගරාසා විශ්නුකාන්තන් ගිවිසුමට අත්සන් තැබීය.