Headlines

    උතුරු බෙංගාල බොක්ක ආශ්‍රිතව අඩුපීඩන තත්ත්වයක් ?

    උතුරු බෙංගාල බොක්ක ආශ්‍රිතව වායුගෝලයේ අඩුපීඩන තත්ත්වයක් හෙට (29) දිනයේදී වර්ධනයවීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නවතම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

    එම මුහුදු ප්‍රදේශවල ඉතා තද සුළං (පැ. කි. මී. 70-80) සමග තද වැසි ඇති විය හැකි බවත්, එම මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකි බවත් නිවේදනයේ දැක්වෙයි.

    මේ හේතුවෙන් උතුරු බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශයේ බහුදින ධීවර යාත්‍රා හා නාවික යාත්‍රා කටයුතුවල යෙදී සිටින පිරිස් වහාම ගොඩබිම හෝ ආරක්ෂිත ස්ථානයක් වෙත පැමිණිය යුතු බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දෙයි.

    අද (29) පස්වරු 3:30ට නිකුත් කර ඇති එම නිවේදනය හෙට (29) පස්වරු 3:30 දක්වා වලංගු වෙයි.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *