සෑම කොවිඩ් ආසාදිතයෙකුටම ගිලන් ඇඳක් සහිත ප්‍රතිකාර මධ්‍යස්ථානයක් තුළ ප්‍රතිකාර ලබා දෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය තාක්ෂණික සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි මහතා ප්‍රකාශ කරයි. මේ වනවිට දිවයිනේ නන් දෙසින් කොවිඩ් -19 වෛරසය ආසාදිතයින් ලෙස දෛනිකව 600-800 අතර ප්‍රමාණයක් වාර්තා වූවත්, එම සෑම කොවිඩ් ආසාදිතයෙකුටම ගිලන් ඇඳක් සහිත පහසුකම් ඇති ප්‍රතිකාර මධ්‍යස්ථානයක ප්‍රතිකාර ලබාදීමට කටයුතු කරන ඇති බව ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.
පසුගිය 2020 වසරේ ජනවාරි මස කොවිඩ් උවදුර ආරම්භ වන විට මෙරට එකම ප්‍රතිකාර මධ්‍යස්ථානය අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනය (IDH) වූ බවත්, සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ උපෙදසේ හා මඟපෙන්වීම මත මේ වන විට දිවයින පුරා කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන 79 ක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පිහිටුවා ඇති බවත්, පෞද්ගලික අංශයේ ද හෝටල් සහ ගොඩනැගිලි ආශ්‍රිතව ප්‍රතිකාර මධ්‍යස්ථාන 05 ක් පිහිටුවා ඇති බවත් පෙන්වා දෙන ඒ මහතා මෙම සියළු ප්‍රතිකාර මධ්‍යස්ථාන තුල ගිලන් ඇඳන් 11,443 ක් තිබෙන බව ද ඊයේ (08) දිනය වන විට මෙම සියළු ප්‍රතිකාර මධ්‍යස්ථානවල කොවිඩ් ආසාදිතයින් 6000 ක් ප්‍රතිකාර ලබමින් බවද හදිසි හදිසි ප්‍රතිකාර මධ්‍යස්ථාන (ICU) 09 ක් දිවයින පුරා පිහිටුවා ඇති බවත්, ඒ් සදහා අවශ්‍ය සියළු වෛද්‍ය පහසුකම් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සපයා ඇති බව ද අවධාරණය කරයි.
වෛද්‍ය අන්වර් හම්දානි මහතා කියා සිටියේ, මෙරට කිසිදු කොවිඩ් රෝගියෙකු නිවෙස් තුල රඳවා තබා හෝ රෝහල් කොරිඩෝ තුල තබාගෙන ප්‍රතිකාර සේවාවන් සිදු නොකොට ලොවටම ආදර්ශයක් සපයමින් ප්‍රතිකාර සේවාවන් ක්‍රියාත්මක බැවින් කොවිඩ් -19 වෛරසය ආසාදිත කිසිදු රෝගියෙකු කිසිදු හේතුවක් නිසා බිය විය යුතු නැති බවයි.