Headlines

    ඡන්දෙ දාන්න නිවාඩු ලැබෙන්නේ මෙහෙමයි

    රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවයේ නියුතු අය සඳහා ඡන්ද විමසීම්වලදී නිවාඩු ලබාදීම සම්බන්ධව මැතිවරණ කොමිසම නිවේදනයක් නිකුත් කර තිබේ.

    එහි සඳහන්ව ඇත්තේ වැටුප් හෝ පෞද්ගලික නිවාඩු අහිමිවීමකින් තොරව සියලු සේවකයින් සඳහා ඡන්දය ලබාදීමට හැකිවන පරිදි නිවාඩු ක්‍රියාත්මක වන බවය. 

    ඒ අනුව යම් සේවකයෙකු සේවා ස්ථානයේ සිට ඡන්ද පොළට යායුතු දුර කිලෝමිටර් 40 හෝ ඊට අඩු වේ නම් දින භාගයක නිවාඩුවක්ද, කිලෝමීටර් 40-100 අතර වේ නම් දින 1ක් බැගින් ද නිවාඩු හිමි වනු ඇති බව එම නිවේදනයේ සඳහන් වෙයි.

    එමෙන්ම කිලෝමීටර් 100-150ත් අතර වේ නම් දින 1 1/2ක නිවාඩුවක්ද කිලෝමීටර් 150ට වැඩි නම් දින දෙකක නිවාඩුවක් ලබා දිය යුතු බවත් එහි සඳහන් ව ඇත.

    තවද ඇතැම් ඡන්දදායකයින්ට ස්වකීය ඡන්ද පොළට යෑමට හා ආපසු සේවා ස්ථාන කරා පැමිණීමට දින තුනක කාලයක් ගතවන අවස්ථාද සැලකිය යුතු සංඛ්‍යාවක් ඇති හෙයින් එකී අවස්ථාවන් හිදී දින තුනක නිවාඩුවක් ලබා දීම ද සිදුකළ යුතු බව දන්වා තිබේ.

    මෙහිදී සේවා නියුක්තිකයන් විසින් ලිඛිත ඉල්ලීමක් මඟින් නිවාඩු ඉල්ලුම් කළ යුතු බවත් සෑම සේවායෝජකයෙකු විසින්ම විශේෂ නිවාඩු ඉල්ලුම් කළ තැනැත්තන් හා නිවාඩු ප්‍රදානය කරන කාලසීමාව දැක්වෙන ලේඛනයක් පිළියෙල කර එය සේවා ස්ථානයේ ප්‍රදර්ශනය කළ යුතු බවද මැතිවරණ කොමිසම එම නිවේදනයේ සඳහන් කර තිබේ.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *