බංකොලොත්වී තිබෙන රට නැවත ගොඩනැගීමට අවශ්‍ය නම් සර්වජන අපේක්ෂක දිලිත් ජයවීර මහතා ඉදිරිපත් කර තිබෙන ජාතික උපාය මාර්ගික සැලැස්ම දිනවිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රි ගාමිණී වලේබොඩ මහතා පවසයි.
සර්වජන බලය විධායක සභික පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා වැඩිදුරටත් සඳහන් කළේ, ඡන්දදායකයන්ගෙන් 35%ක් තවමත් ඡන්දය ලබාදිය යුතු අපේක්ෂකයා කවුරුන්ද කියා තීරණය කර නොමැති බවය.
“ඡන්දදායකයන්ගෙන් 35%ක් කාටද ඡන්දය දෙන්නේ කියලා තාම තීරණය කරලා නැහැ. ඒ නිසා අපි කියන්නේ බංකොලොත්වෙලා තිබෙන රාජ්‍යය නැවත ගොඩනැගීමට අවශ්‍ය නම් අපේ අපේක්ෂකයා ඉදිරිපත් කරන ජාතික උපාය මාර්ගික සැලැස්ම දිනවන්න.”