Headlines

    ජනාධිපතිවරයා තෝරාපත් කරගැනීම ගැන කොමිසමෙන් ගැසට්ටුවක්

    ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම පිළිබඳව පනතේ 61 වන වගන්තිය යටතේ අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස තෝරා පත් කර ගත් බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.

    මැතිවරණ කොමිෂන් සභාව විසින් අති විශේෂ ගැසට් පත්‍රයක් මඟින් ඒ බව ප්‍රකාශයට පත් කර ඇති බව සඳහන්ය.

    මෙරට 09 වන විධායක ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම සඳහා වන ඡන්ද විමසීම පසුගිය සෙනසුරාදා දිනයේ පවත්වනු ලැබීය.

    මැතිවරණයේ දී ප්‍රකාශ කළ ඡන්දවලින් හරි අඩකට වඩා කිසිදු අපේක්ෂකයෙකුට ලබා ගත නොහැකි වීම හේතුවෙන් පළමු සහ දෙවනි ස්ථානවල සිටි අපේක්ෂිකයින් සඳහා ලැබුණු දෙවන සහ තුන්වන මනාප ගණනය කිරීම සිදුකළේය.

    එහිදී මනාප 105,264ක් ලබා ගත් අනුර කුමාර දිසානායක මහතා හිමි වු අතර සජිත් ප්‍රේමදාස මහතාට මනාප 167,867ක් හිමි වුණි.

    ඒ අනුව අනුර කුමාර දිසානායක මහතාගේ ඡන්ද සංඛ්‍යාව 5,740,179ක් දක්වා ඉහළ ගිය අතර සජිත් ප්‍රේමදාස මහතාගේ ඡන්ද සංඛ්‍යාව 4,363,035ක් දක්වා ඉහළ ගියේය.

    එම ඡන්ද ප්‍රතිඵලවලට අනුව මෙරට 09වන විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා තෝරා පත්කරගනු ලබන බව ඊයේ (22) රාත්‍රී මැතිවරණ කොමිෂන් සභාවේ පැවති මාධ්‍ය හමුවේ දී කොමිෂන් සභාවේ, සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා සඳහන් කළේය.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *