Headlines

    IMF කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය ගැන කැබිනට් ප්‍රකාශක කළ හෙළිදරව්ව

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉහළපෙළේ දූත කණ්ඩායමක් හෙට (02) දිවයිනට පැමිණීමට නියමිතය.

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ක්‍රිෂ්ණා ශ්‍රීනිවාසන් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් එම කණ්ඩායම ඔක්තෝබර් 04 වනදා දක්වා ශ්‍රී ලංකාවේ රැඳී සිටියි. 

    ඔවුන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ නව ආර්ථික කණ්ඩායම හමුවීමට නියමිත ය. 

    එහිදී ඔවුන් මෙරට නව ආර්ථික වර්ධනයන් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහායෙන් ක්‍රියාත්මක ශ්‍රි ලංකා ආර්ථික වැඩසටහන යටතේ වන ආර්ථික ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රකාශකයා සඳහන් කළේය. 

    මේ සම්බන්ධයෙන් අද (01) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අදහස් පළ කළ කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා කියා සිටියේ මූල්‍ය අරමුදලේ මෙම දූත කණ්ඩායම සමග මූල්‍ය අරමුදලේ වැඩසටහන පිළිබඳ මූලික සාකච්ඡාවක් පමණක් සිදු කෙරෙන බවයි. 

    එහි ව්‍යුහාත්මක කරුණු පිළිබඳ සාකච්ඡාවක් ඔක්තෝම්බර් මස අග භාගයේදී නිව්යෝර්ක් නුවරදී පැවැත්වීමට නියමිතව ඇති බව ඔහු තවදුරටත් කියා සිටියේය.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *