Headlines

    IMF නියෝජිතයින් පිරිසක් අද දිවයිනට

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉහළ පෙළේ දූත කණ්ඩායමක් අද (02) දිවයිනට පැමිණීමට නියමිතව තිබේ.

    ඒ අනුව දිවයිනට පැමිණෙන මූල්‍ය අරමුදලේ ආසියා පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ක්‍රිෂ්ණා ශ්‍රීනිවාසන් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩායම ඔක්තෝබර් 04 වෙනිදා දක්වා මෙරට රැඳීසිටීමට නියමිතය.

    ඔවුන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ නව රජයේ ආර්ථික විශේෂඥයින් හමුවීමට නියමිතව තිබේ.

    එහිදී ඔවුන් මෙරට නව ආර්ථික වර්ධනයන් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහායෙන් ක්‍රියාත්මක ශ්‍රී ලංකා ආර්ථික වැඩසටහන යටතේ වන ආර්ථික ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ද නියමිත බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

    ඊයේ (01) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අදහස් පළ කළ කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා කියාසිටියේ, මූල්‍ය අරමුදලේ මෙම දූත කණ්ඩායම සමග මූල්‍ය අරමුදලේ වැඩසටහන පිළිබඳ මූලික සාකච්ඡාවක් පමණක් සිදුකෙරෙන බවය. 

    එහි ව්‍යුහාත්මක කරුණු පිළිබඳ සාකච්ඡාවක් ඔක්තෝම්බර් මස අග භාගයේදී නිව්යෝර්ක් නුවරදී පැවැත්වීමට නියමිතව ඇති බව ඔහු තවදුරටත් කියා සිටියේය. 

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *