Headlines

    මෙරට කොරෝනා ව්‍යප්තියේ නවතම තොරතුරු (2021-Feb-12) – ඊයේ ආසාදිතයින් 942 යි මරණ 04 යි

    අද දින (12) උදෑසන වනවිට ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ආසාදිත පුද්ගලයින් 942 දෙනෙකු හදුනාගෙන ඇති අතර ඉන් පුද්ගලයින් 3 විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගයින් වන ඉතිරි ආසාදිතයින් 939 දෙනා දේශීයව හදුනාගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි. ඊයේ (11) හදුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම ගණන 273 ක් ලෙස දැක්වේ. ගම්පහ දිස්ත්‍රිකයෙන් ආසාදිතයන් 181 ක් ද මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 102 ක් වාර්තා වන අතර අනෙක් ආසාදිතයන් 383 දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්ක වලින් වාර්තා වී ඇත.

    පසුගිය පැය 24 තුළ ශ්‍රී ලංකාව තුළින් ‍කොවිඩ්-19 ආසාදිත වීමෙන් පුද්ගල මරණ 04 ක් වාර්තා වී ඇති අතර එලෙස මිය ගොස් ඇත්තේ කොළඹ 05 ප්‍රදේශයේ පදිංචිව සිටි 83 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, කොටහේන ප්‍රදේශයේ පදිංචිව සිටි 70 හැවිරිදි කාන්තාවක්, කොළඹ 13 ප්‍රදේශයේ පදිංචිව සිටි 42 හැවිරිදි කාන්තාවක් සහ උඩතලවින්න ප්‍රදේශයේ පදිංචිව සිටි 64 හැවිරිදි කාන්තාවක් වේ. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් -19 මරණ සංඛ්‍යාව 379 දක්වා ඉහල ගොස් ඇත. ඊයේ (11) දිනය තුල මෙරට PCR පරීක්ෂණ 19,687ක් සිදුකර ඇත.

    කොවිඩ-19 වෛරසය ආසාදනය වූ සම්පූර්ණ සංඛ්‍යාව – 73,116
    පූර්ණ සුවය ලබා රෝහල් වලින් බැහැරව ගිය සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව – 66,211
    දැනට රෝහල් වල සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන වල ප්‍රතිකාර ලබන සංඛ්‍යාව – 6,526
    දැනට ශ්‍රී ලංකාව තුළ කොවිඩ්-19 නිසා සිදු වී ඇති මරණ සංඛ්‍යාව – 379

    https://www.hpb.health.gov.lk/ (Accessed feb-12-2021 12.00 p.m IST)

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *