Headlines

    අපේක්ෂකයෙකුට වියදම් කළ හැකි මුදල් සීමාව පැනවෙයි

    එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණය සඳහා සියලුම දේශපාලන පක්ෂ, ස්වාධීන කණ්ඩායම් සහ අපේක්ෂකයින් ප්‍රචාරණ කටයුතු සඳහා වියදම්  කළ හැකි උපරිම මුදල් සීමාව මැතිවරණ කොමිෂන් සභාව විසින් ඉදිරිපත් කර තිබේ.

    එහි වැඩිම අගයක් ගෙන ඇත්තේ කෙළඹ දිස්ත්‍රික්කයේ වන අතර එහිදි අපේක්ෂකයෙකුට වියදම් කළ හැකි උපරිමය රුපියල් 5,750,000කි.

    එම දිස්ත්‍රික්කයේම දේශපාලන පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් සඳහා වියදම් කළ හැකි උපරිම මුදල් සීමාව වනුයේ 79,493,756කි.

    එමෙන්ම මැතිවරණය අවසන් වූ පසු මැතිවරණ ප්‍රතිපළ ප්‍රකාශයට පත් කර දින 21ක් ඇතුළත අදාළ වන පරිදි පක්ෂ ලේකම්ගේ, ස්වාධීන කණ්ඩායම් නායකයාගේ සහ අපේක්ෂකයාගේ අත්සන, දිවුරුම් කොමසාරිස්වරයා හෝ සාමදාන විනිශ්චයකාරවරයා විසින් සහතික කර මැතිවරණ කොමිෂන් සභාව වෙත භාර දිය යුතු බවත් කොමිසම මගින් නිකුත් කර ඇති නිවේදනයේ සඳහන් ව තිබේ.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *