Headlines

    ජනාධිපතිවරණ අපේක්ෂකයින්ගේ මැතිවරණ ප්‍රචාරක ආදායම් සහ වියදම් වාර්තා ලබන සතියේ පොලීසියට

    ජනාධිපතිවරණ අපේක්ෂකයින්ගේ මැතිවරණ ප්‍රචාරක ආදායම් සහ වියදම් වාර්තා, ලබන සතියේ පොලීසියට භාරදෙන බව, ජාතික මැතිවරණ කොමිසම පවසයි.

    එම වාර්තා භාරදීම සඳහා මැතිවරණ කොමිසම දී තිබූ කාලය, පසුගිය 13 වැනිදායින් අවසන් වුණි.

    ඒ අනුව අදාළ වාර්තා දී ඇති අපේක්ෂකයින් සංඛ්‍යාව, 35 කි.

    පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමි, සරත් කීර්තිරත්න සහ අරියනේත්තිරන් පාක්කිය සෙල්වම් යන අපේක්ෂකයින් ආදායම් වියදම් වාර්තා දී තිබුණේ නැත.

    මැතිවරණ පනතට අනුව එම වාර්තා ලබා දී දින 10 ක් ඇතුළත, ඉදිරි කටයුතු සඳහා ඒ පිළිබඳ වාර්තාවක් පොලීසියට භාර දිය යුතුය.

    ඒ අනුව ලබන සතියේ එම වාර්තාව පොලීසියට භාරදෙන බව, මැතිවරණ කොමිසම සඳහන් කළේ ය.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *