Headlines

    බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ නමින් සැකසූ ව්‍යාජ ෆේස්බුක් පිටුවක් පිළිබඳ තොරතුරු

    බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ නමින් සැකසූ නිල නොවන ෆේස්බුක් පිටුවක් සම්බන්ධයෙන් තොරතුරු ලැබී ඇතැයි ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගම පවසයි.

    ඒ හරහා හිමිකරුවන් නොමැති ගමන්මලු විකිණීමට ඇතැයි පවසමින් අසත්‍ය තොරතුරු පළ කර ඇති බව එම සමාගම නිවේදනය කළේ ය.

    විවිධ භාණ්ඩ සහ විද්‍යුත් උපකරණ සහිත එම ගමන් මල්ලක මිල, රුපියල් 639 ක් ලෙස සටහන් කර තිබේ.

    එලෙස කිසිඳු ආකාරයකින් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල මගින් ගමන් මලු අලෙවි නොකරන බව, ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගම අවධාරණය කරන ලදි.

    එම සමාගම ජනතාවට දැනුම් දෙන්නේ, එවැනි වංචනික ක්‍රියාවලට හසු නොවන ලෙසය.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *