Headlines

    පෞද්ගලීකරණය කළ බලවේග පේෂකර්ම ආයතනවල සේවකයන්ට මාසික දීමනාවක්

    වසර 40කට පෙර පෞද්ගලීකරණය කළ බලවේග පේෂකර්ම ආයතනවල සේවකයන් තුන්දහස් තුන්සිය තිස් දෙදෙනෙකු සඳහා මාසික දීමනාවක් ලබා දීම ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (12 )දින අරලියගහ මන්දිරයේ දී ආරම්භ විය. මෙම මාසික දීමනාව ලබාදීම සංකේතවත් කරමින් අග්‍රාමාත්‍යවරයා සේවකයන් කිහිපදෙනකු උදෙසා චෙක්පත් ප්‍රදානය කළේය.

    2020 ජූලි 15 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය අනුව මෙම මාසික දීමනාව ගෙවීම සඳහා රුපියල් මිලියන 95ක් මහා භාණ්ඩාගාරයෙන් පේෂකර්මාන්ත දෙපාර්තමේන්තුවට නිදහස් කර ඇත. රාජ්‍ය සේවයේ විශ්‍රාම වැටුප් අහිමිවූවන්ගේ සංගමය නියෝජනය කරමින් ජේ.එම් බිසෝමැණිකේ මිය රජය ගත් මෙම තීන්දුව සම්බන්ධයෙන් ප්‍රණාමය පුද කරමින් ඒ පිළිබඳ සවිස්තර වාර්තාවක් ද අග්‍රාමාත්‍යවරයාට පිළිගැන්නූවාය.

    Hand Craft in Sri lanka

    අපේ මේ ප්‍රශ්නයට වසර 40ක් පමණ ගත වෙනවා. අගමැතිවරයා ප්‍රමුඛ රජය කිසිදු කරදරයකින් තොරව මෙම කාර්යය ඉටු කර දුන්නා. ඒ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යතුමාට උපහාර පිදිය යුතුයි. මේ ගැටලුවෙන් අසරණ වූ අපි අද වනවිට සිටියේ ඉතා අසරණ තත්ත්වයකින්. දයාසිරි ජයසේකර ඇමතිතුමාට, විමල් වීරවංශ ඇමතිතුමා ඇතුළු මේ සඳහා මැදිහත්වූ සියලු නිලධාරින්ට අපගේ ප්‍රණාමය පුද කරනවා” යැයි රාජ්‍ය සේවයේ විශ්‍රාම වැටුප් අහිමිවූවන්ගේ සංගමයේ ලේකම් ජේ.එම් බිසෝමැණිකේ මහත්මිය පැවසුවාය.

    එම අවස්ථාවේ අදහස් දැක් වූ බතික් අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇගළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවැසුවේ , “මේ පිරිස කකුල් කැඩෙනකන් දේශපාලඥයන් ගාවට ගිහිල්ලා ඇති. අපි විපක්ෂයේ සිටින කාලයෙත් මේ ගැන කතා කළා. මේ පිරිස ලංකාව පුරාම විසිරී සිටිනවා. ලබන 28 වැනිදා වනවිට අපි මේ චෙක්පත් බෙදාදීම අවසන් කිරීමට නියමිතයි. එතැන් සිට මෙම දීමනාව ඔවුන්ගේ බැංකු ගිණුමට බැර වෙනවා” යනුවෙනි.

    මෙහිදී අදහස් පළ කළ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, තමන් කම්කරු අමාත්‍යවරයාව සිටින කාලයේ පටන් අවධානය යොමු කළ ගැටලුවකට මෙලෙස විසඳුමක් ලබා දීමට හැකිවීම ගැන ඉතා සතුටට පත්වන බව ප්‍රකාශ කළේය. මාසික දීමනාව ලද සේවිකාවක මෙහි දී කවි ගයමින් අග්‍රාමාත්‍යතුමා ඇතුළු රජයට සුබ පැතුම් එක් කිරීම විශේෂත්වයකි.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *