Headlines

    මෙරට කොරෝනා ව්‍යප්තියේ නවතම තොරතුරු (2021-Feb-15) – ඊයේ ආසාදිතයින් 802යි මරණ 07 යි

    අද දින (15) උදෑසන වනවිට ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ආසාදිත පුද්ගලයින් 802 දෙනෙකු හදුනාගෙන ඇති අතර ඉන් එක් පුස්ගලයෙකු විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගයෙකු වන ඉතිරි ආසාදිතයින් 801 දෙනා දේශීයව හදුනාගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි. ඊයේ (14) හදුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම ගණන 238 ක් ලෙස දැක්වේ. ගම්පහ දිස්ත්‍රිකයෙන් ආසාදිතයන් 162 ක් ද කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 68 ක් වාර්තා වන අතර අනෙක් ආසාදිතයන් 333 දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්ක වලින් වාර්තා වී ඇත.

    පසුගිය පැය 24 තුළ ශ්‍රී ලංකාව තුළින් ‍කොවිඩ්-19 ආසාදිත වීමෙන් පුද්ගල මරණ 07 ක් වාර්තා වී ඇති අතර එලෙස මිය ගොස් ඇත්තේ ගොතටුව ප්‍රදේශයේ පදිංචි 85 හැවිරිදි පුද්ගලයෙක්, අංගොඩ ප්‍රදේශයේ පදිංචි 72 හැවිරිදි කාන්තාවක්, කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි 65 හැවිරිදි කාන්තාවක්, මහවෙල ප්‍රදේශයේ පදිංචි 60 හැවිරිදි කාන්තාවක්, පේරාදෙණිය ප්‍රදේශයේ පදිංචි 82 හැවිරිදි කාන්තාවක්, ගම්පොළ ප්‍රදේශයේ පදිංචි 51 හැවිරිදි කාන්තාවක්, යාපනය ප්‍රදේශයේ පදිංචි 79 හැවිරිදි කාන්තාවක් වේ. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් -19 මරණ සංඛ්‍යාව 397 දක්වා ඉහල ගොස් ඇත. ඊයේ (14) දිනය තුල මෙරට PCR පරීක්ෂණ 16,866 ක් සිදුකර ඇත.

    කොවිඩ-19 වෛරසය ආසාදනය වූ සම්පූර්ණ සංඛ්‍යාව – 75,654
    පූර්ණ සුවය ලබා රෝහල් වලින් බැහැරව ගිය සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව – 68,696
    දැනට රෝහල් වල සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන වල ප්‍රතිකාර ලබන සංඛ්‍යාව – 6,561
    දැනට ශ්‍රී ලංකාව තුළ කොවිඩ්-19 නිසා සිදු වී ඇති මරණ සංඛ්‍යාව – 397

    https://www.hpb.health.gov.lk/ (Accessed feb-15-2021 09.00 a.m IST)

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *