Headlines

    ආගමික සිද්ධස්ථානවල සූර්යය පැනල ස්ථාපිත කිරීම ඇරඹේ

     දිවයින පුරා විහිදුණු  සර්ව ආගමික සිද්ධස්ථානයන්වල කිලෝවොට් 5 ක  ධාරිතාවකින් යුත් සූර්යය පැනල ස්ථාපිත කිරීමේ ව්‍යාපෘතියක් බලශක්ති අමාත්‍යංශය ආරම්භ කර තිබේ.

    ඒ ඩොලර් මිලියන 17 ක ඉන්දීය මූල්‍ය සහයෝගය යටතේයි.

     දිවයින පුරා විසිරී පවතින පන්සල්, පිරිවෙන්, දේවස්ථාන, මුස්ලිම් පල්ලි හා හින්දු කෝවිල් යන සියලුම සර්ව ආගමික සිද්ධස්ථාන ආවරණය කරමින්  සූර්යය පැනල ව්‍යාපෘතිය ක්‍රියාත්මකයි.

    එහි පළමු අදියර යටතේ ලබන වසරේ මුල්භාගයේදී ආගමික සිද්ධස්ථාන 5,000 ක සූර්යය පැනල ස්ථාපිත කිරීමට යෝජිතයි.

    සූර්යය විදුලිපැනල පද්ධතියකින් මාසිකව ජනනය කිරීමට නියමිත විදුලි ඒකක  ප්‍රමාණය 500 – 600 අතර වේ.

    ඉන් ජනනයවන ඇස්තමේන්තුගත වාර්ෂික විදුලි ඒකක ප්‍රමාණය මිලියන 37 ක්.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *