Headlines

    ශිෂ්‍යත්ව පිළිතුරු පත්‍ර ඇගයීම් ප්‍රමාදයෙන් ගැටලු රැසක්?

    5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු කඩිනමින් සිදු නොකළහොත් ඉදිරි විභාග සඳහා ද ඉන් බලපෑමක් සිදුවනු ඇති බව ලංකා ගුරු සංගමය පවසයි.

    එහි සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කළේ අධ්‍යාපන බලධාරීන් කඩිනමින් ඒ පිළිබඳව අවධානය යොමු කර ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු ආරම්භ කළ යුතු බවය.

    ඇගයීම් කටයුතු ප්‍රමාද වීම හේතුවෙන් පාසල් අධ්‍යයන කටයුතුවලට ද බලපෑම් එල්ල වනු ඇති බව ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.

    මේ සම්බන්ධයෙන් අද දෙරණ අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් තිලකා ජයසුන්දර මහත්මියගෙන් විමසීමක් කළේය.

    එහිදී ඇය සඳහන් කළේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්වය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කර ඇති බැවින් පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු මෙතෙක් ආරම්භ කිරීමට නොහැකි වී ඇති බවය.

    කෙසේවෙතත් ඒ සම්බන්ධයෙන් අධිකරණය වෙත ඉල්ලීමක් සිදුකර ඇති බව අධ්‍යාපන අමාතංශ ලේකම්වරිය සඳහන් කළාය.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *