Headlines

    මෙරට කොරෝනා ව්‍යප්තියේ නවතම තොරතුරු (2021-Feb-16) – ඊයේ ආසාදිතයින් 774 යි මරණ 06 යි

    අද දින (16) උදෑසන වනවිට ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ආසාදිත පුද්ගලයින් 774 දෙනෙකු හදුනාගෙන ඇති අතර එම සියළුදෙනා දේශීයව හදුනාගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි. ඊයේ (15) හදුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම ගණන 208 ක් ලෙස දැක්වේ. කොළඹ දිස්ත්‍රිකයෙන් ආසාදිතයන් 179 ක් ද රත්නපුර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 82 ක් වාර්තා වන අතර අනෙක් ආසාදිතයන් 305 දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්ක වලින් වාර්තා වී ඇත.

    පසුගිය පැය 24 තුළ ශ්‍රී ලංකාව තුළින් ‍කොවිඩ්-19 ආසාදිත වීමෙන් පුද්ගල මරණ 06 ක් වාර්තා වී ඇති අතර එලෙස මිය ගොස් ඇත්තේ දිවුලන්කඩවල ප්‍රදේශයේ පදිංචිව සිටි 78 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, පල්ලෙතලවින්න ප්‍රදේශයේ පදිංචිව සිටි 48 හැවිරිදි කාන්තාවක්, හංවැල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 57 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, නුගේගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 80 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, වත්තල ප්‍රදේශයේ පදිංචිව සිටි 68 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ හුන්නස්ගිරිය ප්‍රදේශයේ පදිංචිව සිටි 70 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් වේ. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් -19 මරණ සංඛ්‍යාව 403 දක්වා ඉහල ගොස් ඇත. ඊයේ (15) දිනය තුළ මෙරටදී සිදුකර ඇති PCR පරීක්‍ෂණ 15,430 කි.

    කොවිඩ-19 වෛරසය ආසාදනය වූ සම්පූර්ණ සංඛ්‍යාව – 76,428
    පූර්ණ සුවය ලබා රෝහල් වලින් බැහැරව ගිය සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව – 69,411
    දැනට රෝහල් වල සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන වල ප්‍රතිකාර ලබන සංඛ්‍යාව – 6,614
    දැනට ශ්‍රී ලංකාව තුළ කොවිඩ්-19 නිසා සිදු වී ඇති මරණ සංඛ්‍යාව – 403

    https://www.hpb.health.gov.lk/ (Accessed feb-16-2021 11.00 a.m IST)

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *