Headlines

    මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින පාසල් අයදුම්කරුවන් සඳහා විභාග ප්‍රවේශපත්‍ර තැපෑලට

    DOE – Sri Lanka

    2020 අ.පො.ස සාමාන්‍ය පෙළ (O/L Exam) විභාගයට පෙනී සිටින පාසල් අයදුම්කරුවන් සඳහා විභාග ප්‍රවේශපත්‍ර තැපෑලට යොමු කළ බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. විභාග කොමසාරිස් ජනරාල් සනත් බී. පූජිත මහතා සඳහන් කළේ, කොළඹ හා ශ්‍රී ජයවර්ධපුර අධ්‍යාපන කලාපවල විදුහල්පතිවරුන්ට එම විභාග ප්‍රවේශ පත්‍ර අද දිනයේ විභාග දෙපාර්තමේන්තුවේ පාසල් විභාග සංවිධාන ශාඛාවට පැමිණ ලබා ගත හැකි බවයි.

    අද (17) දින පෞද්ගලික අයැදුම්කරුවන්ගේ විභාග ප්‍රවේශ පත්‍ර තැපෑලට යොමු කොරෙනු ඇති අතර විභාග කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කළේ ප්‍රවේශ පත්‍ර සම්බන්ධ යම් ගැටලුවක් වෙත්නම් විභාග දෙපාර්තමේන්තුවේ පාසල් විභාග සංවිධාන ශාඛාව අමතා විසඳුම් ලබා ගත හැකි බවයි. තව ද 1911 ඇමතීම මගින් ද ඇතිවන ගැටළු සඳහා විසදුම් ලබා ගත හැකි වේ.

    කෙසේ වෙතත් මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් වෙනුවෙන් අද (17) සිට පෙබරවාරි 25 දක්වා අධ්‍යයන නිවාඩු ලබාදීමට පියවර ගන්නා ලෙස අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා සියලු පළාත්,කලාප,කොට්ඨාස අධ්‍යාපන බලධාරීන් සහ පරිවේණාධිපතිවරුන් හා විදුහල්පතිවරුන් වෙත උපදෙස් ලබා දී ඇති බව සඳහන් වේ.

    එමෙන්ම, විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමේදී අධ්‍යයන නිවාඩු ලබාදීම බාධාවක් කර නොගත යුතු බවද ලේකම්වරයා වැඩිදුරටත් දන්වා තිබේ.

    ඒ අනුව මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ලබන මාර්තු 01 වැනිදා සිට 10 වැනිදා දක්වා විභාග මධ්‍යස්ථාන 4,513 කදී පැවත්වෙන අතර ඊට පෙනී සිටින අයැදුම්කරුවන් සංඛ්‍යාව 622,352 කි.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *