Headlines

    මැතිවරණ රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරියෙක් ඇතුළු තිදෙනෙක් මරුට

    මැතිවරණ රාජකාරියේ නිරත පොලිස් නිලධාරියෙක් සහ සිවිල් නිලධාරීන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දුව මහතා පවසයි.

    ඒ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (14) පැවති මාධ්‍ය හමුවකට සම්බන්ධ වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා සිටියේ ඔවුන් තිදෙනාම ස්වභාවික හේතු මත ජීවිතක්ෂයට පත්ව ඇතැයි විශ්වාස කරන බවය.

    එලෙස මියගොස් ඇත්තේ කෝපායි පොලිස් වසමේ, කුරුම්බුරායි ප්‍රදේශයේ පාසලක පැවති ඡන්ද මධ්‍යස්ථානයක සේවය කරමින් සිටි වයස අවුරුදු 33ක පොලිස් නිලධාරියෙකි. 

    එමෙන්ම කැස්බෑව පොලිස් වසමේ, සිරි සදහම් භික්ෂු ආරාමයේ ඡන්ද මධ්‍යස්ථානාධිපති ලෙස නම් කර තිබූ 48 හැවිරිදි පයාගල ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් මියගොස් ඇත්තේ,අසනීප තත්ත්වයෙන් රෝහල් ගත කිරීමෙන් අනතුරුවය.

    මේ අතර කොබෙයිගනේ ප්‍රදේශයේ ඡන්ද මධ්‍යස්ථානයක කාර්ය මණ්ඩලයක සේවය කළ 57 හැවිරිදි හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

    මියගිය තිදෙනාගේම පශ්චාත් මරණ පරීක්ෂණ සිදුකිරීමට යොමුකර ඇති අතර, ඔවුන්ට හෘදයා බාධ තත්ත්වයක් ඇති වන්නට ඇතැයි පොලීසිය සැකපළ කරයි.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *