Headlines

    ජපන් රජය විසින් පොලිසියට පරිත්‍යාග කළ වාහන ඊයේ ජනපතිට භාරදෙයි.

    පොලිස් දෙපාර්තමේන්තුවේ පරිහරණය සඳහා ජපාන රජය පරිත්‍යාග කළ ජීප් රථ 31ක්, බස් රථ 04ක් සහ වෑන් 10ක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත සංකේතාත්මකව භාරදීම ඊයේ (16) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදුවිය.

    ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරේ ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකිර සුගියාමා මහතා විසින් එම රථ වාහන ජනාධිපතිවරයා වෙත භාර දෙනු ලැබූ බවයි. වාහනවල තත්වය විමසා බැලූ ජනාධිපතිතුමා තානාපතිවරයා සමග සුහද කතා බහක නිරත වූ බව වැඩි දුරටත් සඳහන් වේ.

    මෙම පිරිනැමීම ශ්‍රී ලංකා පොලීසිය සිදුකරන විමර්ශන පහසු කිරීම සඳහා ජපාන රජය මේ පරිත්‍යාගය කර ඇති අතර රුපියල් මිලියන 1250ක පූර්ණ ප්‍රදානයක් ලෙස ලැබෙන පරිත්‍යාගයේ පළමු පියවර ලෙස රුපියල් මිලියන 775ක් වටිනාකමින් යුත් වාහන 45ක් ඊයේ (16) භාර දෙනු ලැබීය. දෙවැනි පියවර ලෙස තවත් වාහන සහ අතිනවීන සෝදිසි උපකරණ තොගයක් ඉදිරි කාලයේ දී ලැබීමට නියමිතව ඇත.

    ඒ අනුව දෙවැනි පියවර ලෙස තවත් වාහන සහ අති නවීන සෝදිසි උපකරණ තොගයක් ඉදිරි කාලයේ දී ලැබෙයි. ජීප් රථ 25, මෝටර් බයිසිකල් 150ක්, Search Gates 7ක්, Total Search Machine 01ක් , Handheld Metal Detector 80ක් ඊට අයත් වන බව සඳහන් වේ.

    මේ අවස්ථාවට මහජන ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර, අමාත්‍යාංශ ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් ජගත් අල්විස්, පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න යන මහත්වරු ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීහූ, ජපාන ක්‍රවුන් නියෝජිත ආයතනයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ජී.ඩබ්.යූ. දුමින්ද චන්ද්‍රරත්න මහතා ඇතුළු පිරිසක් සහභාගී වී තිබේ.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *