Headlines

    කලාඔය ද්‍රෝණියේ ගංවතුර අනතුරු ඇඟවීම තවදුරටත්

    කලාඔය ද්‍රෝණිය සඳහා නිකුත් කර තිබූ ගංවතුර අනතුරු ඇඟවීම තවත් පැය 24කින් දීර්ඝ කළ බව නිවේදනයක් නිකුත් කරමින් වාරිමාර්ග දෙපාර්තමේන්තුව අද (29) පෙරවරුවේ පැවසීය.

    ඒ අනුව මෙම තත්ත්වය සම්බන්ධයෙන් දැඩි සැලකිල්ලකින් කටයුතු කරන ලෙස එම ප්‍රදේශවල පදිංචි ජනතාවගෙන් ඉල්ලා සිටියි.

    එමෙන්ම ප්‍රදේශ හරහා වැටී ඇති මාර්ගවල මෙන්ම අතුරු මාර්ගවල ගමන්ගන්නා වාහන පදවන්නන් මේ පිළිබඳ විශේෂ අවදානයක් යොමුකරන ලෙස ද වාරිමාර්ග දෙපාර්තමේන්තුව සිය නිවේදනයේ දක්වා ඇත.

    මේ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නා ලෙස ඔවුන් ආපදා කලමනාකරණ අංශවලින් ඉල්ලා සිටියි.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *