Headlines

    දිවයිනේ සියළුම පාසල් සඳහා ස්වයංක්‍රිය සැනිටයිසර් උපකරණ නොමිලේ ලබා දීමේ වැඩපිළිවලක්

    Q.I.B විශ්වවිද්‍යාලය මගින් දිවයින පුරා පිහිටි පාසල් සඳහා ස්වයංක්‍රිය සැනිටයිසර් උපකරණ නොමිලේ ලබා දීමේ වැඩසටහනක් ආරම්භ කර ඇත. ඒ අනුව පාසල් සඳහා ලබාදෙන එම උපකරණ පිළිබඳව කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසැල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසැල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මහතා දැනුවත් කිරීම හා එම උපකරණ සංකේතාත්මකව අමාත්‍යවරයා වෙත භාර දීම පසුගියදා ( 17) සිදුවුණි.

    News.lk

    මෙම ස්වයංක්‍රිය සැනිටයිසර් උපකරණ මගින් ඉතාමත් අඩු විෂබීජ නාශක දියර භාවිතයෙන් අත් සෝදාගතහැකි අතර එම අවස්ථාවේදීම තම ශරීර උෂ්ණත්වයද මැනගැනීමත් ස්වයංක්‍රීයව සිදු කර ගත හැකිය. එම නිසා කොවිඩ් 19 ශරීරගත වී ඇති පුද්ගලයින් හඳුනාගත හැකි වන අතර එය වඩාත් තහවුරු කර ගැනීම සඳහා PCR හෝ රැපිඩ් ඇන්ටිජන් පරික්ෂණයන් සිදු කර ගැනීමට මෙම උපකරණය වඩාත් ඉවහල් වනු ඇති බව Q.I.B පෞද්ගලික විශ්වවිද්‍යාලයේ සභාපති ආචාර්ය අසේල පණ්ඩිත මහතාප්‍රකාශ කළේය.

    මෙහි දී අදහස්ඉ දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ සරල උපකරණයක් වන මෙය කුඩා බැටරි (AA) මගින් ක්‍රියාත්මක කල හැකි අතර ගෘහස්ථ විදුලි පද්ධතිය මගින්ද ක්‍රියා කල හැකි බැවින්ඉදිරියේදී මෙම උපකරණ පෙර පාසල් සඳහා ලබා දීමට ඇති හැකියාව ගැනද සොයා බලන බවයි.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *