Headlines

    දේශීය සහ ආනයනික සහල් සඳහා උපරිම මිලක් – ගැසට්ටුව එළියට

    දේශීය සහල් සඳහා උපරිම මිලක් නියම කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

    පාරිභෝගික අධිකාරිය විසින් නිකුත් කළ එම ගැසට් නිවේදනයට අනුව දේශීය සුදු සහ රතු කැකුළු කිලෝ ග්‍රෑම් එකක උපරිම තොග මිල රුපියල් 215ක් ලෙසත් එහි උපරිම සිල්ලර මිල රුපියල් 220ක් ලෙසත් සඳහන්ය.

    දේශීය නාඩු සහල් කිලෝ ග්‍රෑම් එකක තොග මිල රුපියල් 225ක් වන අතර එහි උපරිම සිල්ලර මිල රුපියල් 230ක් ලෙස අදාළ ගැසට් නිවේදනයේ සඳහන් වෙයි.

    එම ගැසට් නිවේදනයට අනුව දේශීය කීරිසම්බා කිලෝග්‍රෑම් එකක තොග මිල රුපියල් 255ක් වන අතර උපරිම සිල්ලර මිල රුපියල් 260ක් වෙයි.

    මේ අතර ආනයනික සහල් සඳහා ද උපරිම සිල්ලර මිලක් නියම කරමින් පාරිභෝගික අධිකාරිය විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

    ඊට අනුව ආනයනික කැකුළු සහල් කිලෝ ග්‍රෑම් එකක් සදහා උපරිම සිල්ලර මිල රුපියල් 210ක් වන අතර ආනයනික නාඩු සහල් කිලෝග්‍රෑම් එකක උපරිම සිල්ලර මිල රුපියල් 220ක් වෙයි.

    ආනයනික සම්බා සහල් කිලෝග්‍රෑම් එකක් සඳහා උපරිම සිල්ලර මිල රුපියල් 230ක් ලෙසයි අදාළ ගැසට් නිවේදනයේ සඳහන් වෙයි.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *