Headlines

    මියන්මාර කුමන්ත්‍රණ විරෝධී විරෝධතාවයේ දී හිසට වෙඩි වැදුනු කාන්තාව මිය යයි – බලධාරීන් නඩුවක් විභාග කරන බව පවසයි.

    පසුගිය සතියේ මියන්මාරයේ පැවති කුමන්ත්‍රණ විරෝධී පෙලපාලිවලින් මියගිය පළමු විරෝධතාකාරිය බවට තරුණියක් පත්ව තිබේ.

    A memorial was erected in the capital on Friday – BBC News

    මියා ට්වේ ට්වේ කයිං වන ඇය ඉකුත් සතියේ අඟහරුවාදා (09) දින පොලිසිය විරෝධතාකරුවන් විසුරුවා හැරීමට තැත් කිරීමේදී හිසට වෙඩි වැදී තුවාල ලැබීය. එය සිදුවී ඇත්තේ ඇගේ 20 වන උපන්දිනයට දින දෙකකට පෙරය. මේ අනුව අසාධ්‍ය තත්වයේ පසු වූ ඇය ඊයේ (20) දිනයේදී මියගොස් ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.

    මියන්මාරයේ අවුන් සාන් සූ කීගේ තේරී පත් වූ රජය පෙරලා දැමූ හමුදා කුමන්ත්‍රණයකින් පසු මියන්මාර විරෝධතා දින ගණනක් පුරා පැවැත්වෙන් අතර ඉකුත් සතියේ පෙබරවාරි 09 වන දින අඟහරුවාදා නායි පයි තව් අගනුවර පැවති රැලියේදී මාරාන්තික බලය යෙදවීම පොලීසිය විසින් ප්‍රතික්ෂේප කර ඇති නමුත් වෛද්‍යවරුන් පවසා ඇත්තේ තවත් විරෝධතාකරුවන් දෙදෙනෙකු ද සජීවී පතුරම් මඟින් පහර දී ඇති බවයි.

    Mia Tiwe Tiwe Kai – BBC News

    “මෙම ක්‍රමයෙන් මිදීමට හැකි වන තෙක් සියලු පුරවැසියන් විරෝධතාවලට එක්වන ලෙස මට දිරිගැන්වීමට අවශ්‍යයි, මට කියන්න ඕන එච්චරයි.” ඇගේ සහෝදරිය වන මියා තා ටෝ නව් වාර්තාකරුවන්ට ප්‍රකාශ කර ඇත.

    එරට වගකිවයුතු බලධාරීන් පවසා ඇත්තේ මෙම මරණය සම්බන්ධයෙන් නඩුව විභාග කරන බව හා හමුදා පාලනයට එරෙහිව නැගීසිටින බවයි.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *