Headlines

    මහා පරිමාණ විදෙස් රැකියා ජාවාරමක්

    ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන්ගේ ඡායාරූප භාවිත කර විදෙස් රැකියා ලබාදෙන බවට පවසා මූල්‍ය වංචා කිරීමේ ජාවාරමක් පිළිබඳ තොරතුරු අනාවරණය වී තිබේ.

    නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ, සිය කාර්යාංශයේ උසස් නිලධාරීන්ගේ ඡායාරූප භාවිත කරමින් වට්ස්ඇප් සබැඳි නිර්මාණය කර ඊශ්‍රායලයේ රැකියා ලබාදෙන බව පවසා මෙම මූල්‍ය ජාවාරම සිදුකෙරෙන බවයි.

    කාර්යාංශයේ නිල ෆේස්බුක් පිටුවේ පළ කරන ඡායාරූප අවභාවිත කරමින් මෙම මූල්‍ය වංචාවල නිරත වන බවට මේ වන විට පැමිණිලි කිහිපයක් ද ලැබී තිබේ.

    ඒ අනුව මෙවැනි  වංචාකරුවන්ට හසු නොවන ලෙස විදේශ සේවා නියුක්ති කාර්යාංශය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

    මෙවැනි වංචනික කටයුතු පිළිබඳ තොරතුරු කාර්යාංශයේ 1989 කෙටි දුරකථන අංකයට හෝ 071 759 35 93 යන වට්ස්ඇප් අංකයට ලබා දෙන ලෙස ද විදේශ සේවා නියුක්ති කාර්යාංශය වැඩිදුරටත් සඳහන් කළේය.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *