කුරුළු උණ රෝගයක් වන H5N8 කුකුළු මස් වලින් මිනිසුන්ට සම්ප්‍රේෂණය වූ පළමු අවස්ථාව රුසියාව විසින් වාර්තා කර තිබේ.
ඒ අනුව H5N8 වෛරසය කුකුළු මස් වලින් මිනිසුන්ට සම්ප්‍රේෂණය බව පළමුවරට රුසියාව විසින් වාර්තා කර තිබේ. ගිය වසරේ දෙසැම්බරයේ රුසියාවේ දකුණු දිග කුකුළු කම්හලක සේවකයින් 7 දෙනෙකු එම වෛරසය ආසාදනය වී ඇති බව රුසියාව විසින් තහවුරු කර ඇත.
රුසියාවේ පාරිභෝගික සෞඛ්‍ය නිරීක්ෂණ බලකායේ ප්‍රධානී ඇනා පොපෝවා ප්‍රකාශ කරේ පුද්ගලයින් හත්දෙනාම දැන් සුවය ලබමින් සිටින බවත් ආසාදනය පැතිරීම වැළැක්වීම සඳහා ප්‍රමාණවත් පියවර ගෙන ඇති බවත් ය. මිනිසුන් අතර සම්ප්‍රේෂණය වන බවට දැනට කිසිදු සලකුණක් නොමැති බව පෙන්වා දී ඇති එම මහත්මිය මේ වෛරසය පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානයට වාර්තා කර ඇති බව ඇය වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.
“වෛරසය තවමත් මිනිසාගෙන් මිනිසාට සම්ප්‍රේෂණය කිරීමේ හැකියාවක් ලබාගෙන නොමැති විට මෙම විකෘති සොයා ගැනීම මුළු ලෝකයටම, හැකි විකෘති සඳහා සූදානම් වීමට හා ප්‍රමාණවත් හා කාලෝචිත ආකාරයකින් ප්‍රතික්‍රියා කිරීමට කාලය ලබා දෙයි” යනුවෙන් පොපෝවා මහත්මිය පවසා ඇත.
කුරුළු උණ මිනිසුන්ට ආසාදනය වී මරණයට හේතු වී ඇති නමුත් මෙම H5N8 වික්‍රියා පිළිබඳ පළමු වාර්තාව මෙම 7 දෙනාගෙන් බැවින් මේ පිළිබඳ වැඩිදුර අධ්‍යනයක් අවශ්‍ය බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කරයි.