Headlines

    ටින් මාළු සඳහා පාලන මිලක්

    ටින් කල මාළු වර්ග සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් පාරිභෝගික අධිකාරිය අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

    ඒ අනුව ටූනා ග්‍රෑම් 425 ටින්මාළු එකක උපරිම සිල්ලර මිල රුපියල් 380ක් වේ. 

    මැකරල් ශුද්ධ බර ග්‍රෑම් 155ක උපරිම සිල්ලර මිල රුපියල් 180ක් වන අතර ග්‍රෑම් 425ක උපරිම සිල්ලර මිල රුපියල් 420ක් ද වේ.

    තවද ජැක් මැකරල් ශුද්ධ බර ග්‍රෑම් 425ක ටින්මාළු එකක උපරිම සිල්ලර මිල රුපියල් 560ක් ද වනු ඇත‍

    පාරිභෝගික අධිකාරිය පැවසුවේ අදාළ මිල ගණන් ඊයේ (28) සිට බලපැවැත්වෙනු ඇති බවය.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *