අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල ප්‍රවාහන අමාත්‍යාංශයේ දි ඊයේ (23) පැවති වර්තමානයේ ක්‍රියාත්මක වන Park & Ride සිටි බස් සේවාව නියමු ව්‍යාපෘතිය මේ වන විට ලබා ඇති ප්‍රගතිය හා ඒ පිළිබඳව ප්‍රගති සමාලෝචනය කිරිම සඳහා, එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන ආයතන ප්‍රධානීන් සමග සාකච්ඡාවේ දී මෙම සේවාව දීප ව්‍යප්තව සිදු කිරීමට අවධානය යොමු කර ඇති බව වාර්තා වේ.
Park & Ride (City Bus) සේවාව ක්‍රියාත්මක කිරිමේදි හඳුනාගත් අඩුපාඩු පිළිබඳව සාකච්ඡා වු අතර ඒ අනුව නුදුරේදිම එම සේවාව පිළියන්දල ප්‍රධාන බස් නැවතුමේ සිට ක්‍රියාත්මක කිරීමට තීරණය වු අතර ඒ සදහා නවතම මගී ප්‍රවාහන බස්රථ යෙදවීමටත් ඉදිරියේදි කටයුතු කරනු ඇති බව රජයේ ප්‍රවෘත්තී දෙපාර්තමේන්තුව වාර්තා කරයි.
ඒ සඳහා විධිමත් මගී ප්‍රවාහන කාල සටහනක් සැකසීමටත් Park & Ride (City Bus) සේවාවේ දැනට පවතින දුර්වලතා මග හරවාගෙන එම සේවය තව දුරටත් කාර්යක්‍ෂමව ව්‍යාප්ත කිරිමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමටත් අමාත්‍යවරයා විසින් නිළධාරින්ට උපදෙස් ලබා දිම ද මෙහි දී සිදු කර ඇති බව සඳහන් වේ.