Headlines

    ලංකාව ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක් කරන්න ජනපතිගෙන් උපදෙස්

    ශ්‍රී ලංකාව සංචාරකයින්ගේ ආකර්ෂණීය ගමනාන්තයක් බවට පත් කිරීමට අවශ්‍ය සැලසුම් කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

    ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දී ඇත්තේ ජනාධිපති කාර්යාලයේ අද (30)  පැවති සාකච්ඡාවකට එක් වෙමිනි.

    “Clean Sri Lanka” වැඩපිළිවෙළ යථාවක් කිරීම මගින්  සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනයට අදාළ කටයුතු ශක්තිමත් කෙරෙන බවද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේය.

    ආසියාවේ ඉතාමත්ම වටිනා සහ හරිත දූපත ලෙස ශ්‍රී ලංකාව ස්ථානගත කිරීම පිළිබඳව මෙහිදී පුළුල් ලෙස සාකච්ඡාවට ලක්ව තිබේ. 

    පාරිසරික සහ සංස්කෘතික ක්ෂේත්‍ර ඔස්සේ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම පිළිබඳවත්, මෙරට සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමේදී විධිමත් හා අවිධිමත් අංශයන්හි සියලුම පාර්ශ්වකරුවන් එක් කර ගැනීමටත් මෙහිදී අවධානය යොමු ව ඇත. 

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *