පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ආරාධනයෙන් ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වීමට නියමිත බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඒ අනුව ඒ මහතා අද (23) සහ හෙට (24) ශ්‍රී ලංකාවේ දෙදින නිල සංචාරයට පැමිණ තිබේ.
අද (23) දිනයේ පැමිණි අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමඟ ද්විපාර්ශ්වික රැස්වීම්වලට සහභාගී වන අතර, ව්‍යාපාර හා ආයෝජන සංසදයක් මෙන්ම ක්‍රීඩා රාජ්‍යතාන්ත්‍රික කටයුත්තක් ඇතුළු තවත් ඉහළ මට්ටමේ කටයුතු ද සැලසුම් කොට ඇති බව වාර්තා වේ.
තව ද අද (23) දින ශ්‍රී ලංකා සහ පාකිස්තාන අග්‍රාමාත්‍යවරු එක්ව අන්‍යෝන්‍ය වශයෙන් ප්රතිලාභ ගෙන එන ද්විපාර්ශ්වික අවබෝධතා ගිවිසුම්වලට අත්සන් තැබීමේ ද සිදු කරන බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.