Headlines

    සයිබර් ප්‍රහාරයට ලක්වූ මුද්‍රණ දෙපාර්තමේන්තු වෙබ් අඩවිය අද යථා තත්ත්වයට

    සයිබර් ප්‍රහාරයට ලක්වු රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය සහ පොලීසියේ යුටියුබ් නාළිකාව මේ වන විට යථා තත්ත්වයට පත් කරමින් සිටින බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසයි.  

    එහි ප්‍රධාන තොරතුරු ආරක්ෂණ නිලධාරී නිරෝෂ් ආනන්ද මහතා සඳහන් කළේ, අද (02) දිනය තුළ එම කටයුතු යථා තත්ත්වයට පත් කිරීමේ හැකියාව පවතින බවය.

    කෙසේවෙතත් අදාළ සයිබර් ප්‍රහාර කුමන පාර්ශවයක් සිදුක‍ළේ ද යන්න සම්බන්ධයෙන් මෙතෙක් නිශ්චිත තොරතුරු අනාවරණය වී නොමැති බව සඳහන්ය.

    පසුගිය දෙසැම්බර් මස 30 වන දින රාත්‍රී පොලීසියේ සමාජ මාධ්‍ය ජාලාවලට සයිබර් ප්‍රහාරයක් එල්ල වූ අතර රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට ද එවැනිම ප්‍රහාරයක් එල්ල වී තිබුණි.

    අදාළ සයිබර් ප්‍රහාර යථා තත්ත්වයට පත් කිරීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පරිගනක හදිසි ප්‍රතිචාර සංසදයේ ප්‍රධාන තොරතුරු ආරක්ෂණ නිලධාරී නිරෝෂ් ආනන්ද මහතා “අද දෙරණ” සමග අදහස් පළ කළේය.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *