Headlines

    2021 පළමු පාසල් වාරයේ පළමු අදියර අද අවසන් – දෙවන අදියර ආරම්භය මාර්තු මස 15 වන සඳුදා

    2021 වර්ෂයේ පළමු පාසල් වාරයේ පළමු අදියර රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල අද (25) දිනයෙන් අවසන් කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

    ඒ අනුව 2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය 2021 මාර්තු මස 01වන දින සිට මාර්තු 10වන දින දක්වා දීප ව්‍යාප්ත මට්ටමින් පැවැත්වීමට කටයුතු යොදා ඇති බැවින් 2021 වර්ෂයේ පෙබරවාරි මස 25වන බ්‍රහස්පතින්දා පළමු පාසල් වාරයේ පළමු අදියර අවසන් කෙරන බව වැඩිදුරටත් එම අමාත්‍යංශය ප්‍රකාශ කරයි.

    කෙසේ වෙතත් 2021 වර්ෂයේ පළමු පාසල් වාරය අද (25) දිනයෙන් අවසන් වන නමුත් 2021 වර්ෂයේ දෙවන අදියර මාර්තු මස 15වන සඳුදා ආරම්භ කෙරන බව අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *