Covishield එන්නත් මාත්‍රා ලක්ෂ 05 ක් ඊයේ දිවයිනට

ඉන්දියාවේ සීරම් ඉන්සිටියුට් ආයතනයේ නිෂ්පාදිත ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත් තවත්  මාත්‍රා ලක්ෂ 5ක් ඊයේ (25) දින ශ්‍රී ලංකාවෙ ලබාගැනුණි.

එම බෙහෙත් තොගය රැගත් ගුවන් යානය කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල වෙත ඊයේ (25) පසුවරුවේ ලඟා වු අතර එම එන්නත් මාත්‍ තොග වසංගත රෝග ඒකකයේ මධ්‍යම බෙහෙත් ගබඩාව වෙත භාර දීම ඖෂධ නිෂ්පාදනය සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා අතින් සිදු කරන ලදී.

ඒ අනුව මෙම එන්නත් මිලදී ගැනීම සඳහා ශ්‍රී ලංකා රජය රු.මි 510 ක් වැය කර ඇති අතර ඉදිරි සතියක කාලයක් තුළ දී ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ලබා දීමට නියමිත, කොවැඩ් වැඩපිළිවෙල යටතේ ලැබිය යුතු එන්නත් තොගය ලංකාවට ලැබීමට නියමිතව ඇති බව සඳහන් වේ. මෙම Covishield එන්නත් තොගය සඳහා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව විසින් ගෙවීම සිදුකර ඇති බව වාර්තා වේ.

මෙම එන්නත් තොගය කොළඹ, ගම්පහ හා ඒ අශ්‍රිත අවදානම් කලාපවල සිටින වයස අවු 18 ට වැඩි එන්නත් ලැබිය යුතු සියලුම දෙනාට එන්නත් ලබාදීමට බලාපොරොත්තු වන බව මහාචාර්ය චන්න ජයසුමන මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *