Headlines

    ආපදාවෙන් පීඩාවට පත්ව ඇති පිරිස 20,000 ඉක්මවයි

    පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 57කට බලපෑම් එල්ලවී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ සහ මාධ්‍ය ප්‍රකාශක ප්‍රදීප් කොඩිප්පිලි මහතා පවසයි.

    ඔහු පැවසුවේ ඒ හේතුවෙන් පීඩාවට පත්ව ඇති පුද්ගලයින් සංඛ්‍යාව 20,300ක් වන බවය.

    එමෙන්ම ආපදාවට පත්ව ඇති පිරිස් සඳහා සහන වැඩපිළිවෙළ අඛණ්ඩව ක්‍රියාත්මක බවත් ඔහු පවසයි. 

    “ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 57කට බලපෑම් එල්ල වුණා පැවැති ආපදා තත්ත්වය හේතුවෙන්. පීඩාවට පත්ව ඇති පිරිස පුද්ගලයින් වශයෙන් 20,300ක් වාර්තා වෙනවා. පවුල් වශයෙන් ගත් කළ 6785ක් මේ වන විට වාර්තා වෙලා තියෙනවා. පුද්ගල මරණ දෙකක් වාර්තා වෙනවා. එක පුද්ගල මරණයක් පොළොන්නරුව වැලිකන්ද ප්‍රදේශයෙන් වාර්තා වුණා අනෙක් මරණය බදුල්ල දිස්ත්‍රික්කයෙන් වාර්තා වුණා.

    ඒ වගේම ආරක්ෂිත ස්ථාන 22ක් වෙත පුද්ලයින් 1165 දෙනෙක් තාවකාලිකව රඳවා තිබෙනවා.  මේ වෙනකොට ඔවුන්ගේ සහන වැඩපිළිවෙළ අඛණ්ඩව ක්‍රියාත්මකයි. ඒ වෙනුවෙන් ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඇතුළුව දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ඒ වැඩකටයුතු අඛණ්ඩව සිදුවෙනවා.” 

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *