Headlines

    නිදන් හෑරීමට තැත් කළ පුද්ගලයින් දස දෙනෙකු අත්අඩංගුවට

    නිධන් හෑරීමට උත්සාහ කළ බවට සැකපිට පුද්ගලයින් 10 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

    ඊයේ (25) පෙරවරුවේ කිලිනොච්චිය – තිරුනගර් ප්‍රදේශයේ දී නිධන් හෑරීමේ චෝදනාව මත මෙම පිරිස අත්අඩංගුවට ගෙන තිබේ. 

    කිලිනොච්චිය හමුදා බුද්ධි අංශයට ලද තොරතුරක් මත පොලිසියේ සහාය ද ඇතිව මෙම වැටලීම සිදු කර ඇත.

    අත්අඩංගුවට ගත් පුද්ගලයන් 10 සතුව තිබී නිදන් හෑරිමට යොදාගත් ස්කෑනර් යන්ත්‍රය, වතුර පොම්පය ඇතුළු උපකරණ ද  කිලිනොච්චිය පොලිස් භාරට ගෙන තිබේ. 

    සිද්ධිය සම්බන්ධයෙන් කිලිනොච්චිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *