Headlines

    විදෙස් ශ්‍රමිකයින්ගේ මුවාවෙන් රේගුවෙන් පන්නන් හැදූ බඩු තොගය

    ශ්‍රී ලංකා රේගුවේ අභ්‍යන්තර කටයුතු ඒකකය විසින් සිය භාරයට ගත්  භාණ්ඩ තොගයක් ඊෙය් (27) දින බ්ලූමැන්ඩල් කාගෝ අංගනයේදී විවෘත කෙරිණි. 

    දැනට ගණන් බලා ඇති ආකාරයට මෙහි වටිනාකම රුපියල් මිලියන 200 ක් පමණ වන අතර ඉදිරී පරීක්ෂා කිරීම්වලදී මෙම මිල ගණන් වෙනස් විය හැකි බවත් වාර්තා වේ. 

    විදේශයන්හී සේවය කරනු ලබන ජනතාවගේ භාණ්ඩ මුවාවෙන් මෙම භාණ්ඩ තොගය මෙරටට ගෙන්වා තිබේ. 

    ලැබුණු තොරතුරකට අනුව කළ පරීක්ෂණයකදී හෙළි වී ඇත්තේ මෙම භාණ්ඩ තොගය නිවැරදි නම් ලිපින ලබා නොදී මෙරටට ගෙන්වා ඇති බවය.

    මෙම භාණ්ඩ තොගය අතරට සුවඳ විලවුන්, රූපලාවන්‍යය ආලේපන, පාවහන්, කහ ඇතුළු භාණ්ඩ රැසක්ද අයත් වේ.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *