පවතින වියළි කාලගුණය නිසා ජලබලාගාර ආශ්‍රිත විදුලි නිශ්පානය පහත වැටී ඇති හෙයින් ඉදිරියේදී විදුලි කප්පාදුවක් සිදු කිරීමට අදහස් කරන බව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.
එම අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා කියා සිටියේ, වියළි කාලගුණ තත්ත්වයත් සමග දෛනික විදුලි ඉල්ලුම ඉහළ ගොස් ඇති බවයි. ඒ අනුව ඉදිරියේදී විදුලිය සැපයීමට අපහසු තත්වයකට පත්ව ඇති බවද ඒ මහතා කියි සිටියේය.

“මේ කාලසීමාව තුළ දෛනික විදුලි අවශ්‍යතාවය ගිගාවෝට් පැය 46කට ආසන්න ප්‍රමාණයක්. ඒ අවශ්‍යතාවයෙන් සියයට 20කට ආසන්න පමාණයක් ජලවිදුලි බලාගාරවලින් පද්ධතියට එක්කිරීමක් සිදුවෙනවා. ඒ වගේම නොරොච්චෝල, ලක්විජය බලාගාරයේ දායකත්වය සියයට 42ක් 43ක් වගේ තත්ත්වයක්. ඒ වගේම සුළං සහ සූර්ය බලාගාරවලිනුත් සියයට 1ක 2ක වගේ දායකත්වයක් පද්ධතියට ලබාදීමක් සිදුවෙනවා. ඉතිරි මුළු අව්‍යතාවය සියයට 35ක් 38ක් වැනි ප්‍රමාණයක් අනෙතුත් තාප බලාගාරවලින් පද්ධතියට එකතුවීම සිදුවෙනවා.“ යැයි ඒ මහතා මාධ්‍යයට අදහස් දක්වූහ.