අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ (2020) විභාගය අද (01) සිට ආරම්භ වේ.
මේ මස 01වන දින සිට මාර්තු 10 වන දින දක්වා විභාගය පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර කොවිඩ් -19 වෛරසයේ ව්‍යාප්ති තත්ත්වය හේතුවෙන් විභාග මධ්‍යස්ථාන තුළ සෞඛ්යාරක්ෂිත ක්‍රමවේද ක්‍රියාත්මක වන බැවින් විභාගය සඳහා සියලුම අපේක්ෂකයින් විභාග මධ්‍යස්ථාන වෙත සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද සහිතව පැමිණිය යුතු බව විභාග කොමසාරිස් ජනරාල් සනත් බී පූජිත මහතා ප්‍රකාශ කරයි.
මෙහි දී සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම්කරුවන් හය ලක්ෂ විසි දෙදහස් තුන්සිය පනස් දෙකක් පෙනී සිටින අතර කොරෝනා අසාදිත ළමුන් 24 දෙනෙකු පෙනී සිටීමට නියමිත බව ද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය. මෙවර අයදුම්කරුවන්ගෙන් හාරලක්ෂ විසිතුන් දහස් හත්සිය හතලිස් හය දෙනෙකු පාසල් අයදුම්කරුවන් වන අතර පෞද්ගලික අයදුම්කරුවන් සංඛ්‍යාව එක් ලක්ෂ අනූ අටදහස් හයසිය හයකි.
මෙවර සාමාන්‍ය පෙළ විභාගය ලබන මස 01 වනදා සිට 11 වනදා දක්වා ම්‍යස්ථාන 4513 කදී පැවැත්වෙන අතර පිහිටුවා ඇති සම්බන්ධීකරණ මධ්‍යස්ථාන සංඛ්‍යාව 542 කි.