Headlines

    කොවිඩ් ආසාදිත මළ සිරුරු ඉරණතිව් දූපතට..

    කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කරේ කොරෝනා ආසාදිතව මියයන පුද්ගලයින්ගේ සිරුරු භූමදානය කිරීම සඳහා ඉරණතිව් දූපත හඳුනා ගෙන ඇති බවයි. ඒ අද (02) උදෑසන පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනි.

    ඒ අනුව මරණ සම්බන්ධයෙන් ගැසට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති බවත්, ඒ සම්බන්ධයෙන් සිදුකරන ලබන වැඩපිළිවෙල සම්බන්ධයෙන් ඊයේ (01) පැවති සාකච්ඡාවේ දී එම තීන්දුව ගනු ලැබු බවත් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය. එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා සඳහන් කළේ මරණ භූමදානය සඳහා මේ වනවිට ඉරණතිව් ප්‍රදේශයේ මූලික කටයුතු සියල්ල අවසන් කර ඇති බවයි.

    “මේ වන විට අදාළ ප්‍රදේශයේ මුලික කටයුතු සියල්ල අවසන් කරලා, ඕනෑම මෘත දේහයක් භාරගන්න තැනට කටයුතු කරමින් තිබෙනවා. ඉරණතිව් කියන්නේ දුපතක්. එහි විද්‍යාත්මක පදනමක් මත සෞඛ්‍ය අංශවලින් දීලා තියෙන උපදෙස්වලට අනුගතව මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙනවා.“ – යැයි අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කරේය.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *