Headlines

    විදුලි බිඳවැටීමෙන් ජල සැපයුමටත් බාධා

    දිවයින පුරා සිදුව ඇති විදුලි බිඳවැටීම හේතුවෙන් ජල සැපයුමට ද බාධා එල්ල වී ඇති බව ජාතික ජල සම්පාදන හා  ජලාපවහන මණ්ඩලය පවසයි.

    ඒ හේතුවෙන් ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස එම මණ්ඩලය සිය පාරිභෝගිකයින්ට දැනුම් දෙයි.

    විදුලි බිඳවැටීම හේතුවෙන් පොම්පාගාරවල සිට ජලය බෙදාහැරීමේ කටයුතුවලට බාධා පැමිණ ඇති බව ජල සම්පාදන මණ්ඩලය සඳහන් කළේය.

    පවතින තත්ත්වය තුළ ඇතැම් ප්‍රදේශවල ජල සැපයුම මේ වනවිටත් ඇණහිට ඇති බව ද වාර්තා වෙයි.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *