Headlines

    මිද්දෙණිය ඝාතනයේ සැකකරුවන්ව රඳවාගෙන ප්‍රශ්නකිරීමට අවසර

    මිද්දෙණිය ත්‍රිත්ව ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූ පොලිස් කොස්තාපල්වරයා ඇතුළු තිදෙනාගෙන් රඳවාගෙන ප්‍රශ්නකිරීමට වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණය අද (22) අවසර ලබාදුන්නේය.

    අත්අඩංගුව ගත් සැකකරුවන්ගෙන් අදාළ සිද්ධිය පිළිබඳව තවදුරටත් ප්‍රශ්නකිරීමට ඇති බව පොලීසිය අධිකරණයට දැන්වීමෙන් අනතුරුව මෙම අවසරය ලබාදී ඇත.

    ඒ අනුව සැකකරුවන් පැය 72ක් රඳවාගෙන ප්‍රශ්නකිරීමට පොලීසියට අවසර ලබා දී තිබේ.

    ඉකුත් 18වනදා සිදුකළ මෙම වෙඩිතැබීමෙන් අරුණ විදානගමගේ හා ඔහුගේ දරුවන් දෙදෙනා ඝාතනය විය.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *