Headlines

    ශ්‍රී ලංකාවේ පළමු LNG බලාගාරයේ ඉදිකිරීම් ඇරඹේ..

    ශ්‍රී ලංකාවේ පළමු LNG හෙවත් ස්වභාවික ද්‍රව වායු බලාගාරයේ ඉදිකිරීම් අද (05) පෙරවරුවේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කෙරවලපිටිය ප්‍රදේශයේදි ආරම්භ විය. මෙම බලාගාරය සඳහා ඉදිකිරීමට වැය කෙරෙන මුදල රුපියල් බිලියන 40 ක් බව වාර්තා වේ.

    ඒ අනුව මෙම ස්වභාවික ද්‍රව වායු බලාගාර මගින් මෙගාවෝට් 300 ක විදුලි ධාරිතාවක් උත්පාදනය කිරීමට සැලසුම් කර ඇති බව ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපති විජිත හේරත් මහතා ප්‍රකාශ කළේය.

    ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ, එලඹෙන අවුරුදු 2 ක ඇතුළත මෙගාවොට් 200 ක් ජාතික පද්ධතියට එක් කෙරෙන බව ය.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *