Headlines

    මෙරට කොරෝනා ව්‍යප්තියේ නවතම තොරතුරු (2021-March-06) – ඊයේ ආසාදිතයින් 350 යි මරණ 04 යි

    අද දින (05) උදෑසන වනවිට ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ආසාදිත පුද්ගලයින් 350 දෙනෙකු හදුනාගෙන ඇති අතර ඉන් පුද්ගලයින් 12 විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගයින් වන ඉතිරි ආසාදිතයින් 338 දෙනා දේශීයව හදුනාගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි. ඊයේ (05) හදුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම ගණන 94 ක් ලෙස දැක්වේ. රත්නපුර දිස්ත්‍රිකයෙන් ආසාදිතයන් 82 ක් ද බදුල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 31 ක් වාර්තා වන අතර අනෙක් ආසාදිතයන් 131 දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්ක වලින් වාර්තා වී ඇත.

    පසුගිය පැය 24 තුළ ශ්‍රී ලංකාව තුළින් ‍කොවිඩ්-19 ආසාදිත වීමෙන් පුද්ගල මරණ 04 ක් වාර්තා වී ඇති අතර මෙලෙස මිය ගොස් ඇත්තේ, අටාල ප්‍රදේශයේ පදිංචිව සිටි 39 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, කොළඹ 08 ප්‍රදේශයේ පදිංචිව සිටි 67 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, කොළඹ 10 ප්‍රදේශයේ පදිංචිව සිටි 81 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ රාජගිරිය ප්‍රදේශයේ පදිංචිව සිටි 84 හැවිරිදි කාන්තාවක් වේ. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් -19 මරණ සංඛ්‍යාව 493 දක්වා ඉහල ගොස් ඇත.

    කොවිඩ-19 වෛරසය ආසාදනය වූ සම්පූර්ණ සංඛ්‍යාව – 84,960
    පූර්ණ සුවය ලබා රෝහල් වලින් බැහැරව ගිය සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව – 81,381
    දැනට රෝහල් වල සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන වල ප්‍රතිකාර ලබන සංඛ්‍යාව – 2,982
    දැනට ශ්‍රී ලංකාව තුළ කොවිඩ්-19 නිසා සිදු වී ඇති මරණ සංඛ්‍යාව – 493

    https://www.hpb.health.gov.lk/si (Accessed march-06-2021 10.05 a.m IST)

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *