Headlines

    ග්‍රෑන්ඩ්පාස් වෙඩිතැබීමේ සිද්ධිය –  24 හැවිරිදි සැකකාරියක් අත්අඩංගුවට

    ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ නාගලගම්වීදිය ප්‍රදේශයේදී පසුගිය 17 වනදා සිදුකළ වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට 24 හැවිරිදි කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ.

    යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් එදින රාත්‍රියේ තවත් පුද්ගලයන් දෙදෙනෙකු ඉලක්ක කර මෙම වෙඩිතැබීම සිදුකර තිබුණි.

    සිද්ධියෙන් අදාළ පුද්ගලයින් දෙදෙනා තුවාල ලැබීය.

    මෙම අපරාධයට අධාර අනුබල දීම සම්බන්ධයෙන් සැකකරුවෙකු 2025.03.18 වන දින රාජගිරිය පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ නිලධාරින් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගත්තේය.

    එම සැකකරුගේ බිරිඳ මෙම අපරාධයට අධාර අනුබල දීම සම්බන්ධයෙන් මෙලෙස ඊයේ (20) ග්‍රෑන්ඩ්පාස් පොලිස් ස්ථානයේ නිලධාරින් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

    සැකකාරිය වයස අවුරුදු 24ක් වන කොටුවිල, වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකාරියකි. ග්‍රෑන්ඩ්පාස් පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *