Headlines

    ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

    ප්‍රදේශ කිහිපයක හදිසි ජල කප්පාදුවක් සම්බන්ධව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනයක් නිකුත් කර තිබේ.

    ඒ අනුව බියගම ජල පවිත්‍රාගාරයේ පවතින විදුලි බල මණ්ඩලය සතු පද්ධතියේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් එළැඹෙන 27 වැනි බ්‍රහස්පතිදා දිනයේදී පෙරවරු 08.30 සිට පස්වරු 05.00 දක්වා පැය 8 1/2ක් එම ජල පවිත්‍රාගාරයට ජලය සැපයීම අත්හිටුවනු ඇති බව ජල සම්පාදන මණ්ඩලය පවසයි.

    ඒ අනුව පෑලියගොඩ, වත්තල, ජා ඇල, කටුනායක, සීදුව නගර සභා බල ප්‍රදේශ‍, කැලණිය, වත්තල, බියගම, මහර, දොම්පේ, කටාන, මිනුවන්ගොඩ සහ ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයන් සඳහා ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව එම මණ්ඩලය සිය නිවේදනයේ සඳහන් කර තිබේ. 

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *