Headlines

    sp

    ලෝක සාගර දිනය අදයි..

    ලෝක සාගර දිනය අදට (08) යෙදී තිබේ. මෙවර එහි තේමාව වී ඇත්තේ “සාගර ජීවිතය සහ ජීවනෝපාය” යන්නයි. මේ මුළු පෘථිවි ගෝලයෙන් ගොඩබිමට හිමි වන්නේ 29% ක් වැනි ඉතා කුඩා ප්‍රමාථයක් වන අතර අනෙක් 71 % ආධිපත්‍ය ජල ගෝලයට හිමිව තිබේ. නමුත් එතරම් ජලයක් මේ පෘථිවි තලය මත තිබුණත් මිනිස් පරිභෝජනයටගත හැක්කේ 0.3% ක් තරම් අඩු…

    Read More

    වැසි තත්ත්වයේ වැඩිවීමක්..

    දිවයිනේ නිරිත දිග කොටසේ අද(08) සහ හෙට(09) දින වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ, බස්නාහිර, සබරගමුව හා වයඹ පළාත්වලත් ගාල්ල, මාතර නුවරඑළිය හා මහනුවර දිස්ත්‍රික්කවලත් වැසි ඇතිවිය හැකි බවයි. ඒ අනුව ගාල්ල, මාතර, කළුතර හා රත්නපුර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ට වැඩි තද වැසි  වයඹ…

    Read More

    ප්‍රංශ නාවික හමුදා සාමාජිකයින් යාලට..

    දිවයිනට පැමිණි ප්‍රංශ නාවික හමුදා සමාජිකයින් අද (8) යාල ජාතික වනෝද්‍යානයේ සංචාරයක නිරත වන බව සංචාරක සංවර්ධන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් ධම්මිකා විජේසිංහ මහත්මිය සඳහන් කළේය. ඒ, ප්‍රංශ තනාපති කාර්යාලය මෙරට විදේශ අමාත්‍යාංශයෙන් කරන ලද ඉල්ලිමකට අනුවයි.  ධම්මිකා විජේසිංහ මහත්මිය සඳහන් කළේ , ඔවුන්ගෙන් 101 දෙනකු යාල වනෝද්‍යානයේ ද 86 දෙනෙකු උඩවලව ජාතික වනෝද්‍යානයේද, 235 දෙනෙකු හබරණ ප්‍රදේශයේ…

    Read More

    කුළුණු මත අධිවේගයේ ඉදිකිරීම් අද ඇරඹේ..

    නව කැලණි පාලමේ සිට අතුරුගිරිය දක්වා කුළුණු මත සකසන නව අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් අද (07) ආරම්භ විය. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී සිට සූම් තාක්ෂණය ඔස්සේ එහි සමාරම්භක උත්සවය පැවැත් වුණි. ඉදිකිරීමට සැලසුම් කර ඇති නව කැලණි පාලමේ සිට අතුරුගිරිය දක්වා කුළුණු මත අධිවේගී මාර්ගය මංතීරු 04 කින් සමන්විත අතර කිලෝමීටර් 16.4 කින් දිගකින්…

    Read More

    බොකෝ හරාම් නායකයා සියදිවි නසා ගත් බවට වාර්තා..

    නයිජීරියානු බොකෝ හරාම් ත්‍රස්ත සංවිධානයේ නායක, අබුබකර් ෂෙකාවෝ මියගොස් ඇතැයි, විදෙස් මාධ්‍ය වාර්තා කරයි. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, එරට ප්‍රතිවාදී සටන්කාමී කණ්ඩායමකට (Iswap) එරෙහිව පැවති ගැටුමකින් පරාජයට පත්වීමත් සමග පුපුරණ ද්‍රව්‍යයක් පුපුරවා ගැනීමෙන් ඔහු සියදිවි හානි කරගෙන ඇති බවය. වර්ෂ 2009 දී බොකෝ හරාම්හි නිර්මාතෘ පොලිස් අත්අඩංගුවේදී මියයාමෙන් පසු ෂෙකාවෝ ත්‍රස්ත සංවිධානයේ නායකත්වයට පත් වු…

    Read More

    ප්‍රදේශ කිහිපයකට අදත් වැසි..

    දිවයිනේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, ගාල්ල, මාතර, නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවලත් අද(07) දිනයේ විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය. එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සදහන් වන්නේ, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලටත් මිලිමීටර් 50ක පමණ තද වැසි ඇතිවිය හැකි බවත් සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි…

    Read More

    අත්‍යාවශ්‍ය සේවා වාහනවලට අද (07) සිට අලුත් ස්ටිකරයක්..

    අත්‍යවශ්‍ය සේවා සඳහා කොළඹට ඇතුළු වන රථවාහනවලට අද (07) උදෑසන විශේෂ ස්ටිකරයක් හඳුන්වා දීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය. ඒ මහතා කියාසිටියේ, දිවයිනේ සංචරණ සීමා ක්‍රියාත්මක මුළු කාලය සඳහාම වලංගු වන ලෙස මෙම විශේෂ ස්ටිකරය හඳුන්වා දෙන බව ය. එහි දී, නව ක්‍රමවේදය යටතේ ස්ටිකර් වර්ග 11 ක්…

    Read More

    නැවේ කළු පෙට්ටිය සොයා ගනී..

    පසුගිය 20 වන දා මෙරට මුහුදු සීමා වේ දී ගිනිබත් වූ මේ වනවිට මුහුදුබත් වෙමින් ඇති එක්ස්ප්‍රස් පර්ල් (M.V. X-Press Pearl) නෞකාවේ ‘කළු පෙට්ටිය’ නාවික හමුදාව කළ විශේෂ මෙහෙයුමකදී සොයාගෙන තිබේ. ඒ අනුව එය ඉදිරි විමර්ශන කටයුතු සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට(CID) භාර දුන් බව  නාවික හමුදාව සඳහන් කළේය. මේ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සතු එක්ස්ප්‍රස්…

    Read More

    ස්පුට්නික් V එන්නත ඉන්දියාවේ නිපදවීමට අනුමැතිය..

    රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් V කොරෝනා මර්දන එන්නත ඉන්දියාවේ නිපදවීම සඳහා ඉන්දියානු ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය ලැබී ඇති බව වාර්තා වේ. එරට මාධ්‍ය වාර්තා කළේ, එම එන්නත නිෂ්පාදනය සඳහා ඉන්දියාවේ සීරම් ආයතනයට අවසර ලැබී ඇති බවයි. ඒ අනුව පූනේහි පිහිටි කර්මාන්ත ශාලාවේ ස්පුට්නික් එන්නත පරීක්ෂා කිරීම විශ්ලේෂණය කිරීම සහ නිෂ්පාදනය කිරීම සිදු කරන බව ඉන්දීය මාධ්‍ය…

    Read More

    මහ වැස්සෙන් පුද්ගලයින් 14 ක් මරුට – සුළු ගංවතුර මට්ටම තවදුරටත්..

    දිවයිනට බලපා ඇති අධික වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමග ඇති වූ ආපදා තත්ත්වයෙන් අහිමි වූ පුද්ගලයින් සංඛ්‍යාව 14ක් දක්වා ඉහළ ගොස් ඇති බව අපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. එම මධ්‍යස්ථානය සඳහන් කළේ, ආපදා තත්ත්වයන් හේතුවෙන් තවදුරටත් පුද්ගලයින් දෙදෙනකු අතුරුදන්ව ඇති බවය. පවතින මහ වැසි හේතුවෙන් ප්‍රදේශ කිහිපයක සුළු ගංවතුර මට්ටම තවදුරටත් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු…

    Read More